පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හෙට (1දා) සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.
මහලේකම්වරිය අගෝස්තු පළමුවැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය.
මීට සමගාමීව තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සමගද මහලේකම්වරිය ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
